brand logo

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

12 December 2019

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (12 වැනිදා) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනුරාධපුර,පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ත් 75 ත් අතර වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ දක්වා වූ කාලය තුළදී ඇතිවූ වැසි තත්ත්වය නිසා සිදුවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 47,004 ක පුද්ගලයන් 160,690 ක් පීඩාවට පත්වූ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ජලාශ,වැව් 21 ක් වාන් දමමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..