brand logo

අදත් නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

08 November 2018

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබිනට් අමාත්‍යවරුන්, බන්දුල ගුණවර්ධන මහතා - ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරුන්, සී.බී රත්නායක මහතා - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා - ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
 

More News..