brand logo

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

22 August 2019

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අනුරාධපුරය සහ බදුල්ල දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..