brand logo

අදත් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට වැසි - සෙසු පළාත් වලට සවස 2.00න් පසු වැසි

24 December 2018

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න්පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 කපමණ තරමක තද වැසිද ඇතිවිය හැකියි. මේ අතර මඩකළපුව සිට ත්‍රිකුණාමලය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මුලතිවු සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.
 

More News..