brand logo

අත නැතුව කාටවත් ආණ්ඩු හදන්න බැහැ - වීරකුමාර දිසානායක

12 February 2020

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය බවට පත්වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිදු පාර්ශවයකට මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තම පක්ෂය සන්ධාන ගත වන්නේ විස්වාසය මත නොව ගිවිසුම් මත බවයි වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ. අදාල ගිවිසුම් තුල පවතින වැදගත්කම පිළිබද දෙපාර්ශවය අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අවධාරණය කළේය
 

More News..