brand logo

අතුරුදහන් වූ වෛද්‍ය සිසුවාගේ සිරුර වවුනතිවු වැවෙන් මතුවේ

15 January 2020

නැගෙනහිර චිශ්ව විද්‍යාලයේ අතුරුදන් වූ වෛද්‍ය පීඨ සිසුවාගේ සිරුර හමුවී ඇති බව පොලිසිය පවසයි. මඩකලපුව  වවුනතිවු  පොලිස් වසමේ කරයකන්තිවු  ප්‍රදේශයේ  වැවක පිරිමි මළ සිරුරක්  ගොඩ ගසා තිබීයදී ඊයේ ( 14) සොයා ගෙන ඇති අතර මෙම සිරුර නැගෙනහිර  චිශ්ව විද්‍යාලයේ මඩකලපුව වෛද්‍ය පීඨයේ 01 වැනි වසර ඉගෙනුම ලැබූ තලවකැලේ  ලින්දුල ප්‍රදේශයහි සි. මෝහන්රාජ්  සිසුවාගේ බව පොලිසිය තහවුරු කරගෙන ඇත. මෙම සිසුවා  ඊයේ පටන්  අත්රුදහන්වූ බව මඩකලපුව  පොලිස් මුලස්ථානයේ  පැමිණිලි කර තිබුණි. මේ අනුව මඩකලපුව  පොලීසිය  විමර්ශන සිදුකරන අතරතුර  ඔහුගේ ජංගම දුරකථනය  සම්බන්ධතා   කල්අඩි පාලම අසල  ක්‍රියා විරහිත ව තිබූ බැවින් කල්ලඩි පාලම අසල නාවික හමුදාව  හා පොලිසිය සෙවීමේ කටයුතු කර ඇත. සිසුවාගේ අතුරුදන්විම සම්බ්න්ධව මඩකලපුව පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරන අතරතුර සිසුවාගේ  සිරුර  සොයාගෙන ඇත.     ටි. එල්. ජ්ව්ෆර්කාන් -  මඩකලපුව වාර්තාකරු
 

More News..