brand logo

අතුරුදන් වූ සයදරු මවගේ සිරුර මහවැලි ගඟේ පාවෙයි (වීඩියෝ)

15 September 2021

දින හතරකට පසු හමුවූ කාන්තා මළසිරුර

නිවසින් අතුරුදහන්ව සිටි සයදරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ පාවෙමින් තිබියදි ඊයේ (14) දින ගොඩගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය. මහවැලි ගඟේ පාවෙමින් තිබියදි මෙසේ ගොඩගනු ලැබුවේ නාවලපිටිය ඩේලි පාරේ පදිංචි ඇගලින් නාරංගල (84) හැවිරිදි සයදරු මවගේ සිරුරයි. ඉකුත් (10) දින සිට නිවසේ සිටි තම මව අතුරුදහන් වි ඇති බවට මියගිය කාන්තාවගේ දියණිය විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මහවැලි ගගේ නාවලපිටිය පත්තුනුපිටිය වැලිඑක ස්ථානයේ කාන්තා මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන ඇත.

සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් ස්ථාන පරික්ෂාව සිදු කල අතර,එහිදි මහෙස්ත්‍රාත්වරයා නාවලපිටිය පොලිසියට නියෝග කර සිටියේ සිරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. රංජිත් රාජපක්ෂ - හැටන් https://youtu.be/KtQ7LdKdflg
 

More News..