brand logo

සන්නද්ධ හමුදා සාමාජිකයින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරීයට යොදවන්න - අතිවිශේෂ ගැසට් නිවේදනයක්

22 December 2019

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන ඇත.
 

More News..