brand logo

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු ජීවිතක්‍ෂයට

23 January 2021

    මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේ අත් ට්‍රැක්ටරයකට යටවීම නිසා බිළිදෙකු මියගොස් ඇත. අත් ට්‍රැක්ටරයේ පිටුපස වාඩිවී මව සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන් කිරීමේදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් දරුවා ගිලිහි ඇති බව පැවසෙනවා. එහිදී ට්‍රැක්ටරයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු පොලීස් අත්අඩංගුවට පත්ව ඇත.
 

More News..