brand logo

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දමයි

23 November 2022

නව මිල ගණන් මෙන්න

ලංකා සතොස අද (23) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. මෙලෙස මිල පහත දමා ඇත්තේ සුදු සීනි, තිරිඟු පිටි, සුදු ලූනු සහ ලොකු ලූනු මිල ‌වේ. ඒ අනුව, සුදු සීනි මිල රුපියල් 9කින් තිරිඟු පිටි මිල රුපියල් 14කින් සුදු ලූනු මිල රුපියල් 30කින් ලොකු ලූනු මිල රුපියල් 43කින් පහළ දැමීමට තීරණය කර ඇත. අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදීගත හැක.
 

More News..