brand logo

අත්‍යවශ්‍ය වුනොත් නිවාඩුව දික් කරන්න රජය සුදානම්

15 March 2020

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය රටතුල ව්‍යාප්ත වීම පාලනය වෙනුවෙන් හෙට රජ්‍ය හා පෞද්ගලික අංශ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද අත්‍යවශ්‍ය ය වුවහොත් මෙම නිවාඩුව දීර්ඝ කිරිමට කටයුතු කරන බව රජය පවසයි. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. හෙට රජය ලබා දී ඇති නිවාඩුවේ කිසිදු වෙනසත් නොමැති බවයි රජය පවසන්නේ. මේ අතර මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඔවුන් සියලු දෙනා මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
 

More News..