brand logo

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයනික බදු ඉවතට

13 October 2020

වත්මන් ජිවන වියදම සහ කොවිඩ් වෛරසය ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් ආනයනික භාණ්ඩ රැසක ආනයනික බදු ඉවත්කර ඇත. මේ අනුව පරිප්පු,ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු බර ඉවත්කර ඇත. එම බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට සහ බී ලූණු කිලෝවක මිල රුපියල් 100කට සහ සීනි කිලෝවක මිල රුපියල් 85කට මිලදී ගැනීමට හැකි වනු ඇති. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගැනීමේදී පරිප්පු කිලෝව රුපියල් 150ක මිලට ලබාගැනීමට හැකියාව පවතිනවා. පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසැල්වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
 

More News..