brand logo

අත්හිටුවීම් අවසන් පාණ්ඩ්යා ඉන්දීය කණ්ඩායමට කැඳවයි

25 January 2019

තරඟ තහනමකට ලක්ව සිටි හර්ඩික් පාණ්ඩ්යා මේ වන විට නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා. කේ.එල්. රාහුල් ද ඉන්දීය "ඒ" සංචිතයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කැඳවා තිබෙනවා. පාණ්ඩ්යා සහ රාහුල් පසුගිය දිනෙක පැවැති රූපවාහිනී වැඩසටනකදී ආන්දෝලනාත්මක අදහස් දැක්වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් විසින් ඔවුන්ට ක්‍රීඩා කිරීම අත්හිටුවමින් තාවකාලික තරග තහනමක් පනවනු ලැබුවා. ඔවුන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව තරඟ දෙකක තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කළා. ඒ අනුව හර්ඩික් පාණ්ඩ්යා ඉන්දීය ජාතික කණ්ඩායමට සහ කේ.එල්. රාහුල් ඉන්දීය ඒ කණ්ඩායමට කැඳවා තිබෙන්නේ. https://youtu.be/TBqoA_jY9CQ
 

More News..