brand logo

Update - අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප - එක් සිසුවෙකු දින 14ක් රිමාන්ඩ්

25 October 2019

අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊයේ (24) පැවැත්වුණු විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත් වූ සිසුන් 51 දෙනෙකු ඇප මත නිදහස් කර ඇත. අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔවුන් ඇප මත නිදහස් කර ඇති අතර ඉන් එක් සිසුවෙකු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

අත්අඩංගුවට ගෙන සිටින සරසවි සිසුන් 53 දෙනා අද මහේස්ත‍්‍රාත් අධිකරණයට

අධිකරණ නියෝග නොතකා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම සිසුන් 53 අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර හිමිනම, රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, අග්නිදිග සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, කැලණිය මානව ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යාවක් සිටි බව වාර්තා වන අතර මෙම පිරිස වරායේ පොලිසියේ රඳවා සිටින බැවින් ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

More News..