brand logo

Update - රන්ජන් රිමාන්ඩ් - කට හඬ පරීක්ෂාව සඳහා රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස නියෝග

15 January 2020

අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙම මස 29වනදා දකවා රිමාන්ඩ් කර ඇත. එමෙන්ම ඔහුගේ කට හඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අත්අඩංගුවට ගත් රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට

කොළඹ අපරාධ කොටඨාසයේ අත්අඩංගුවේ පසුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. අද(15) පස්වරු 1.00 ට පමණ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රැගෙන ගොස් ඇත. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර අද දහවල් වනතෙක් පසුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේය.
 

More News..