brand logo

අත්අඩංගුවට ගත් යාපනය ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇප මත මුදා හරියි

16 May 2019

අත්අඩංගුවට ගත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද (16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවසූවේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ඇති යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් හා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුවා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත එලෙස ඇප ලබාදි ඇති බවයි. පසුගියදා යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී එල් ටි ටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හා එල් ටි ටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් යන පුද්ගලයින්ගේ ජායාරූප ළඟ තබාගැනීමේ වරදට අදාළ සිසුන් අත්අඩංගුවට ගනු ලැබූහ. එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත හා සෑම ඉරු දිනකම යාපනය කෝපායි ‍පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග ලබාදීම මත ඇප ලබාදි ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ. අදාළ සිසුන් නිදහන් කරන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන්,විශ්ව විද්‍යාල සේවක සංගම් හා යාපනය දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊයේ(16) විරෝධතාවයද නිරතවිණ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..