brand logo

අත්අඩංගුවට ගත් ජපුර සිසුන් 23 දක්වා රිමාන්ඩ්

12 March 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 6දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ ඉගෙනුම ලැබූ පසිදු හිරුෂාන් සිසුවාගේ හිසට ටයරයක් අතැරීමේ සිදිධියට ඊයේ(11) දින අත්අඩංගුවට ගත් සිසුන් 5දෙනා අතර ටයරට පෙරලූ සිසුවාද සිටින බව පොලීසිය සදහන් කරයි. හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින පසිඳු තවමත් යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..