brand logo

අත්අඩංගුවට ගත් අන්තරේ 22 ක් රිමාන්ඩ්

01 March 2020

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු සිසුන් 22 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛේ
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් පිරිස  දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ පොලිසිය ජනතාවට පීඩාකාරී ආකාරයෙන් සත්‍යග්‍රහ ක්‍රියාවලියක නිරත වී අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව  දැනුම් දුන්හ. මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුවන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ. අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ අතර ඇප ඉල්ලීම  (02) දින සිදුකරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නාය. ඉකුත් බ්‍රහස්පතින්දා සිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික ශිෂ්‍යයන් පිරිසක් අට්ටාලයක් ඉදි කරගෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත ව සිටි අතර ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. ඉන් අනතුරුව මහජනතාවට පීඩාකාරී ආකාරයට හැසිරෙමින් අධිකරණ නියෝග උල්ලංඝනය කලේ යැයි මෙම සැකකරුවන් පිරිස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
 

More News..