brand logo

බූස්සේ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

05 May 2021

ගාල්ල, බුස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) දින වැඩ අවසන් කර ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කර තිබේ. ඇඳන් 162කින් සමන්විත එය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සුදානම් කර ඇත. මේ අනුව නාවික හමුදා කඳවුර තුළ ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා භාවිතා කරන ලද සිව් මහල් ගොඩනැගිල්ලක් ජාතික අවශ්‍යතාවය මත නාවික හමුදාව විසින් මෙලෙස කොව්ඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගෙන තිබේ. එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 12කින් සමන්විත අතර 150 දෙනෙකු සඳහා පහසුකම් ලබාදීමේ හැකියාව ඇත. තවද එහි විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිත වන අතර එය ඇඳන් 12කින් සමන්විතය. මේ සඳහා නාවුක හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍ය කාර්යය මණ්ඩලයක් අනුයුක්ත කර තිබේ.
 

More News..