brand logo

අතට සල්ලි එන ක්‍රමවේදයක් ගැන රනිල් කියයි

31 July 2020

එක්සත් ජාතික පක්ෂයට යළි ආණ්ඩු බලය ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව ඇතැයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ජා-ඇල ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රථම බල මණ්ඩල රැස්වීමේදීය. එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සදහන් කළේ එජාපයට යළි බලය ලබා ගත නොහැකි යැයි සිතූ පිරිස අද වන විට එක්සත් ජාතික පක්ෂය අතහැර ගොස් ඇති බවයි. එම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...., ගෙදර ආර්ථිකය ආරක්ෂා කර ගන්න උවමනාවක් තිබේනමි, අතට සල්ලි එන ක්‍රමවේදයක් හදා ගන්න උවමනා නමි මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබා දෙන්න. අද එක්සත් ජාතික පක්ෂයෙන්ම කැඩි ගිය කොටසක් ජාතික සමගි ජනබලෙවිගය කියලා පක්ෂයක් හදාගෙන තමන් එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා රට වෙටි යනවා. සමගි ජන බලෙවිගය කියන්නේ වෙනම දේශපාලන පක්ෂයක්. ඒකෙන් තරග කරන කිසිවෙකුට කියන්න බැහ තමන් එජාප සාමාජිකයෙක් කියලා. ඔය කියන සමගි ජන බලෙවිගයේ සිංහල, බෞද්ධ, කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් නැහ. ඔය කියන බලෙවිගයේ ඉන්න රවුව් හකිමි, දිගමිබරන්, මනෝ ගනේෂන්, රිශාඩි බුදුදින් සහ චමිපික රණවක කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොවෙයි. නමුත් මේ අය පාර්ලිෙමින්තුවට තේරි පත්වුනේ එක්සත් ජාතික පාක්ෂිකයන් ලබා දුන් තම ඡන්දයෙන් බව ඔවුන් මතක තබා ගත යුතුයි. සිංහල බහුතරයට නායකත්වය දෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි, මහ මැතිවරණ 15 කට එකම සලකුනින් එකම පක්ෂයෙන් තරග කරලා පාර්ලිමෙින්තුවෙි සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. ඒක ආසියාවේ පිහිටවපු වාර්තාවක්. ඩී.එස්.සේනානායක මැතිතුමා මේක හැදුවේ කැපුවත් කොල මිනිස්සු එකතු කරගෙන. ඒනිසා ඔය බලෙවිග වලට මම කියන්න කැමැතියි එක්සත් ජාතික පාක්ෂිකයන් මුලකිරිමට සිතනවානමි දැන්වත් එය සිතින් අයින් කරගන්න කියලා.
 

More News..