brand logo

අඩු වූ මිලට ඉන්ධන ලබා නොදෙන පිරවුම්හල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

11 July 2019

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ කියා සිටියේ සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව වන අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙමින් රජය විසින් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට පියවර ගැනුනා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින්ද, අඩුකර තිබෙනවා. මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 159 ක් ලෙසය.
 

More News..