brand logo

අඩු ආදායම් ලාභි මවකට සහ දියණියකට පොලිසිය මගින් අංග සම්පුර්ණ නිවසක්

17 December 2018

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කැළණිගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පුර්ණ නිවසක් ඉදි කර එම නිවස එම අඩු ආදායම් පවුලට ලබාදිම හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) සිදු කෙරිණ. ගිනිගත්හේන පොලිසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා විසින් ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක මුල්‍ය අනුග්‍රහයෙන් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්ගේ ශ්‍ර ම දායකත්වයෙන් මෙම නිවස ඉදි කර එම අඩු ආදායම් පවුලට අද ලබා දෙනු ලැබුවා. මෙම වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන කැළණිගම සිංහල වවිදුහලේදි ප්‍රදේශයවාසින් වෙනුවෙන් කැළණිගම සිංහල විදුලහලේදි ජංගම සේවයක්ද පැවැත් වු අතර එම ජංගම සේවය මගින් රජයේ වෛද්‍යය නිලධාරින්ගේ සහය ඇතිව බෝ නොවන රෝග පිලිබද දැනුවවත් කිරිමේ සායනයක් දන්ත සායනයක් ,ආයුර්වේදි වෛද්‍යවරුන්ගේ සහය ඇතිව අයුර්වේද සායනයක් සහන මිලට ඇස් කණ්ණාඩි ලබා දිමේ වැඩසටහනක් 2019 නව පාසල් වාරය සදහා පාසල් පොත් ලබාදිමේ වැඩසටහන් හා ආබාධිත අය වෙනුවෙන් රෝද පුටු සහ කිහිල් කරු ලබාදිමේ වැඩසටහනක්ද මෙම ජංගම සේවය මගින් සිදු කරනු ලැබුවා. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..