brand logo

අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක්

30 July 2021

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ " ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස වැඩසටහන අද(30) දින අනුරාධපුර, නැගෙනහිර නුවරගම්පලාතේ අංක 240 , තම්මන්නෑ කුලම ඉසුරුපුර ගම්මානයේ දී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

එහිදී අඩු ආදායම්ලාභී පවුලක ස්වාමියා අහිමි එක් දරු මවක් වන එච්. දීපානි කොඩිතුවක්කු මහත්මියට මෙම නිවස ලබා දුන් අතර මේ සදහා ජාතික නිවාස සංවර්ධනය අධිකාරිය රුපියල් ලක්ෂ 06 ක මුදලක් වෙන් කර නිවස සකසා දෙන ලදී. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද දින එම නිවස විවෘත කර දීපානී මහත්මියට සහ දරුවාට චාරිත්‍රණුකූලව ලබා දී ඇත. මැදවච්චිය - ගයාන් https://youtu.be/nEGuheQ2eFQ
 

More News..