brand logo

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහන යෝජනා

08 July 2020

විදුලි බිල ගෙවීම සඳහා අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිශතාත්මක සහන ලබා දීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. විදුලි බිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ඉදිරිපත් කළ පැමිණිලි මත සහන සැලැසීම සඳහා පත් කළ කමිටුව සිය වාර්තාවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. සෙසු පාර්ශ්ව සම්බන්ධයෙන් යෝජනා රැසක් අදාළ වාර්තාවට ඇතුළත් කර ඇත. මෙම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අද (08වැනිදා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව වැඩි වූ විදුලි බිලට ලබා දෙන සහන මෙම සතියේ දී ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා පැවැසුවේය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් ඇතුළු පංච පුද්ගල කමිටුවක් මෙම වාර්තාව සකස් කර ඇත.   උදයජීව ඒකනායක
 

More News..