brand logo

අටලුගම දී පොලිස් නිලධාරින්ට ගල්මුල්

09 September 2020

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තාවේ. ප්‍රදේශයේ ගංජා අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලැබුන තොරතුරු මත ප්‍රධාන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යළි පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින අතරවාරයේ පොලිස් ජිප් රථය හරස් කර ගම්වාසීන් පහරදී ඇත. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇති බව වාර්තා වේ.
 

More News..