brand logo

අටමස්ථාන පූජා නගරය දුම්වැටිවලින් තොර වෙයි

14 October 2021

අනුරාධපුර දුම්වැටිවලින් තොර කලාපය 11ක්

අනුරාධපුර අටමස්ථාන පූජා නගරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුම්වැටිවලින් තොර 11 වන කලාපය සේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමිවරුන්ගේ මඟපෙන්වීම පරිදි ඊයේ (13 වැනිදා) පත්කෙරිණ. අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ බෝනොවන රෝග ඒකකයේ හා අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින් එක්ව වැඩසටහන ක්‍රියාවට නැන්වූහ. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනාව පරිදි වැඩ සටහනට එක්වූ නිලධාරිහු සෑරඳුන් ඉදිරිපිට ආගමික වතාවත් වල නිරතවී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පූජා භූමිය දුම්වැටිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ කටයුත්ත ආරම්භ කළහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය පූජා භූමිය තන්තිරිමලය පූජා භූමිය, නොච්චියාගම, ගලෙන්බිදුණුවැව, තඹුත්තේගම, කැකිරාව, පදවිය, සාලියපුර, ඉහළගම, මැදවච්චිය යන නගරවලට අමතරව 11වන දුම්වැටිවලින් තොර කලාපය ලෙස අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය නම් කෙරුණි. බෝනොවන රෝග එකකයේ වෛද්‍ය නිලධාරි නිලන්කා නවරත්න මෙසේ අදහස් දැක්වූවාය. අපි මේ කටයුත්ත අධීක්ෂණ කරනවා. දිනකට කොච්චර දුම්වැටි ප්‍රමාණයක් පූජා භූමියේ අලෙවි වෙනවද?දුම්වැටි අලවිකරන වෙළෙඳසල් කීයක් තියනවද?කොච්චර බොන පිරිසක් ඉන්නවද? මේ කටයුත්ත සමග ඒක කොච්චර අඩුවෙලාද කියලා සමීක්ෂණය කරනවා. අපි කිසිම අවස්ථාවක වෙළදසල්වලට බල කරන්නේ නෑ දුම්වැටි අලවිකරන්න එපා කියලා. නමුත් ඔවුන්ට ස්වයං තීරණයක් ගන්න පුළුවන් අපි ආපහු පූජා භූමියේ දුම්වැටි අලෙවි කරන්නේ නෑ කියලා. බුද්ධික මහේෂ් - අනුරාධපුර
 

More News..