brand logo

අඟුණකොළපැලැස්ස සිද්ධියේ දෙවන කමිටු වාර්තාව භාරදීම අද

25 January 2019

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කල දෙවන කමිටුවේ වාර්තාව අද(25) භාරදීමට නියමිතව ඇත. අද පස්වරුවේ එම කමිටුව විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත වාර්තාව භාරදීමට නියමිත බව වාර්තා වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු, රාජ්‍ය පරිපාලන හා ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් එම කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබීය. එම කමිටුව විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර එහි රැඳවියන් සහ නිලධාරීන්ගේ ප්‍රකාශ පදනම් කර ගනිමින් වාර්තාව සකස් කර ඇති බව සඳහන් වෙයි. බන්ධනාගාර රැඳවියන්ට පහරදීමේ සිද්ධීන් ඇතුලත් සී.සී.ටී.වී දර්ශන බන්ධනාගාරයෙන් පිටතට යාම සම්බන්ධයෙන් අදාල කමිටුව විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි. අදාල සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පළමු කමිටුවේ වාර්තාව තලතා අතුකෝරල අමාත්‍යවරිය වෙත පසුගියදා භාරදී තිබේ. එම වාර්තාව සහ දෙවන කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේය.
 

More News..