brand logo

අඟහරු යැවූ රෝවරයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම ලාංකික කාන්තාවගේ

31 July 2020

අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළේය. එම රෝවරය (Rover)ටොන් එකක් පමණ බරින් යුක්ත වෙයි. එම රෝවරය (Rover)මගින් අඟහරු ග්‍රහයාගේ පාෂාණ සහ පස් සාම්පල එකතු කරනු ඇතැයි ද ඒවා මෙම දශකය අවසන් භාගයේදී පෘථිවියට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද විදෙස් වාර්තා සඳහන් කරයි. එම පරීක්ෂණ උපකරණය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්‍යුත් ඉංජිනේරුවරියක් සිය දායකත්වය ලබා දී ඇත. මෙලනි නිලන්ති මහආරච්චි වන එම ඉන්ජිනේරුවරිය මේ වනවිට ඇය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධියක් හදාරමින් සිටියි. කොළඹ ප්‍රදේශයේ උපත ලද ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. 2003 වසරේදී සිය සැමියා සහ දරුවන් සමග අමෙරිකාවට සංක්‍රමණය වී ඉන්පසු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරාගෙන තිබේ. 2015 වසරේ දී ඇය නාසා ආයතනය හා සම්බන්ධ වී ඇත. "Mars Rover" යානය තුළ විද්‍යුත් පරිපථයේ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කිරීමට ඇය පූර්ණ දායකත්වය ලබාදී ඇත.
 

More News..