brand logo

අගෝස්තු මස අවසන්වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරනවා - අගමැති

05 August 2019

අගෝස්තු මස අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ මෙහිදී සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තීරණ ගන්නා බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සන්ධාන ගත වූ බව අග්‍රාමාත්‍යවරයා සදහන් කලේය.
 

More News..