brand logo

අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ලට විශේෂ දුම්රිය සේවයක්

05 August 2019

අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ලට යන්නට විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවරගෙන ඇත. මෙම නිවාඩු සමයේ දී දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් බදුල්ලට ගමන් කරන දුම්රියට සම්බන්ධයෙන් ඉල්ලිමක් සිදු කරන නිසා මෙම තිරණය ගෙන ඇත. අගෝස්තු 06 දින සිට එස්.12 වර්ගයේ ද්විත්ව බලවේගි කට්ටලයක් ධාවනය කෙරන අතර ඒ යටතේ අගෝස්තු 06 වන දින පෙ.ව 07.05 කොළඹ කොටුවෙන් ආරම්භ කරන එම දුම්රිය පසුදින පෙ.ව 07.30ට බදුල්ල සිට යළිත් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව ඇත. මෙම දුම්රිය රාගම,ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවල,රඹක්කන, ඉහළ කෝට්ටේ , කඩුගන්නාව,පේරාදෙනිය,මහනුවර,ගම්පොළ,නාවලපිටිය,තලවකැලේ ආදි දුම්රිය ස්ථානවල නතර කරන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව කියයි. මෙම දුම්රියට,අමතරව කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා පෙ.ව 05.55,පෙ.ව 08 .30 හා පෙ.ව 09.45 සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වේ.දින පතා පස්වරු 08.00 ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් ධාවනය වීමට නියිමිතව ඇත. බදුල්ලේ සිට පෙ.ව 05.45ට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය පෙ.ව 08 .30ට ධාවනය වන දුම්රියත් පෙ.ව 10.00ට ධාවනය වන දුම්රියත් පස්වරු 05.50 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රිය ද වෙනසකින් තොරව එලෙසම ධාවනය වේ. නිමල් අල්ගෙවත්ත
 

More News..