brand logo

අගෝස්තුව අවසානය - එජාපයේ අපේක්ෂකයා තවමත් නැත

02 September 2019

අගෝස්තුව අවසාන විය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණේ නැත. මාසයේ අවසන් සතිය වූ පසුගිය සතියේ ද රනිල් පිල සහ සජිත් පිල අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ අතර තවදුරටත් ඔවු’නොවුන් වෙන වෙන ම හමු වී ‘රාත්‍රී-රහස් සාකච්ඡා’ පවත්වමින් සිටියහ. පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු කාර්යමණ්ඩලය ද එළඹෙන ජනාධිපතිවරණය සඳහා වූ ‘ප්‍රතිපත්ති ප්‍රකාශන’ සකස් කිරීමට නොව, පක්ෂයේ කැරලිකාර කණ්ඩායමට එරෙහිව ‘විනය පරීක්ෂණ’ පැවැත්වීමට අදාළ චෝදනා පත්‍ර සකස් කිරීම සඳහා වෙහෙස මහන්සිවෙමින් සිටියහ. මේ අතර තමන් ද ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමේ බලාපොරොත්තුව අත් නොහැර සිටින පක්ෂ නායක රනිල්, එම බලාපොරොත්තුව කරුට-සජිත්ට-චම්පිකට සහ රාජිතට ද ලබාදෙමින් සිටි අතර ‘රනිල්ගේ මෙම හැසිරීම’ එ.ජා.ප.ය සමඟ සන්ධානගත වීමේ අපේක්ෂාවෙන් සිටින සෙසු පක්ෂ නායකයන්ගේ ඉවසීම ද ‘අවසන් කරමින්’ තිබෙන බව පෙනේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මීළඟ මැතිවරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගතවීම සඳහා කරගෙන යනු ලබන සාකච්ඡා සාර්ථකව අවසන්වෙමින් පවතින බව පෙනෙන අතර ඔවුන්ගේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු පිරිසක් සමඟ පැවැත්වූ සාකච්ඡා ද සාර්ථක විය.
 

More News..