brand logo

අගෝස්තුවේදී රට පුරා සංචාරයට ඉඩ

03 June 2020

එළැඹෙන අගෝස්තු මාසය වන විට කුඩා සංචාර කණ්ඩායම්වලට රට පුරා සංචාරය කිරීමට ඉඩ ලබාදීමෙන් අන්තර්ජාතික සංචාරක කටයුතුවලට රට යළි විවෘත කිරීමට නියමිත බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි පැවැසීය. ආරම්භයේදී කුඩා සංචාරක කණ්ඩායම්වලට පමණක් මෙරටට ඇතුළුවීමට අවසර දීමට තීරණය කර ඇති බවද ලේකම්වරයා කීවේය. අගෝස්තු 1 වැනිදා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංචාරකයන්ට නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කී ලේකම්වරයා මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළද සංචාරකයන් සඳහා විවෘත කිරීම පහසුවක් බවද පෙන්වා දුන්නේය. මත්තල ගුවන් තොටුපොළ සාම්ප්‍රදායික නොවන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවද හෙතෙම කීවේය. සංචාරකයන් මත්තල ගුවන්තොටුපොළට ගෙනැවිත් වෙරළ තීරය ඔස්සේ හෝ දකුණු පළාත හරහා නැගෙනහිර වෙරළට ගෙනයෑමට සැලසුම් කර ඇති බවද හෙතෙම කීවේය. මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රටට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබේ. එම තීරණය 2020 අප්‍රේල් 1 වැනිදා සිට බලපැවැත්වේ. නයන තරංග ගමගේ
 

More News..