brand logo

අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

25 November 2018

රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියා. අගමැති කාර්යාලයේ සිට අද (25) විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප‍්‍රකාශය සිදුකළේ. පසුගිය ආණ්ඩුව යටතේ සිදුවූ දරුණු ආර්ථික පරිහානිය නතරකරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් තමන්ට රට බාරදුන් බවත් කී අගමැතිවරයා මේ මොහොතේදී තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් බැවින් බිඳවැටීමේ ප‍්‍රවණතාවයන් මාසයෙන් දෙකෙන් නිවැරදි තත්ත්වයට හැරවිය නොහැකි බවද පවසා සිටියා. මේ මොහොතේදී ආර්ථික ප‍්‍රපාතයෙන් රට ගොඩ ගැනීම සඳහා රජයේ අනවශ්‍ය වියදම් කපා හැර කැපකිරීම් කළ යුතු බවත්, ජනතාව මත බදු පටවමින් මැති ඇමතිවරුන්ට අධික වියදම් කළ එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රමය නතර කරන බවද අගමැතිවරයා පැවසුවා. යුද්ධය අවසන් කිරීමට තමන්ට සහය දුන්නාක්මෙන් වැටී තිබෙන රට ගොඩ ගැනීම සඳහා තමන්ට මේ මොහොතේදී සහය ලබාදෙන ලෙසත්, මෙම අවස්ථාව මඟ හැරුණහොත් ග‍්‍රීසියට සිදුවූ දෙයම අප රටටත් සිදුවනු ඇතැයිද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
 

More News..