brand logo

අග්නිදිග ආසියාවේ විශාලම ටයර් කම්හල ජනපති අතින් විවෘත කෙරේ

14 January 2021

  දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව අද (14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත. හොරණ, වගවත්ත අපනයන සැකසුම් කලාපයේ මෙම නව ටයර් කර්මාන්තශාලාව අරඹා තිබේ. නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය ඉලක්ක කරගනිමින් අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත ටයර් නිෂ්පාදනය මෙමගින් සිදුකෙරේ. සැම ආකාරයේම කුඩා මෝටර් රථවල සිට දැවැන්ත බර වාහන දක්වා සියලු කාණ්ඩයේ ටයර් එමගින් නිෂ්පාදනය කිරීමට නියමිතය. එමෙන්ම මෙරට රැකියා විශාල ප්‍රමාණයක්ද එමගින් උත්පාදනය වේ.
 

More News..