brand logo

අගවිනිසුරු ජයන්ත ජයසූරිය කෝප් කමිටුව හමුවට

12 July 2019

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුව හමුවට අද කැඳවා ඇත. මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යටතේ පවතින මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කිරීමට යාම පිළිබඳව විමසීමට ඔහු කැඳවන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.30ට රැස්වීමට නියමිතව ඇති අතර පොදු නීතියක් සකස් කිරීම සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව, ආරක්ෂක අමාත්‍යංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජනමාධ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා ඇත.
 

More News..