brand logo

අගමැති සමග සාකච්ඡාවෙන් පසු වර්ජනය අවසන්

02 July 2020

කොළඹ වරාය සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (02) පස්වරුවේ අවසන් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති සදහන් කරයි. චීනයෙන් ගෙන් වන ලද දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළකර තිබේ. මේ හේතුවෙන් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු ඊයේ (01) වැඩවර්ජනය ක්‍රියාත්මක කර කළේය. මෙම උපවාසයට සහාය පළ කරමින් කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් ද අද දහවල් වැඩවර්ජනයට එක්ව තිබේ. අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරීන් එකගතාව පළ කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව වෘත්තීය සමිති සදහන් කළේය.
 

More News..