brand logo

අගමැති වෙන්න චම්පික එජාපයට

10 November 2019

සජිත්, තම ජයග්‍රහණයෙන් පසුව අගමැති තනතුර සඳහා ‘පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගන්නා තරුණයකු පත්කරන බව’ කීම නිසා නැවත වතාවක් රනිල් පාර්ශ්වයේ රවී කරුණානායක සහ අකිල විරාජ් වැන්නන්ගේ හිත් බිඳුණි. එහෙත් එය ‘රනිල් විරෝධී’ පාක්ෂිකයින්ගේ ප්‍රසාදයට හේතු වූ ප්‍රකාශයක් විය. මේ අතර මේ කියන ‘තරුණ අගමැතිවරයා’ චම්පික රණවක විය හැකි බවට රාවයක් ද පැතිර යන්නට වූ අතර මේ දිනවල ලියලමින්, දලුලමින් වැඩෙන සජිත්-චම්පික සම්බන්ධය ඒ සැකය වඩා වර්ධනය කරන්නක් ද විය. සජිත් ජනාධිපතිවරණයෙන් ජයගතහොත්, පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ම චම්පික අගමැති කළ යුතු බවට පවසන ‘සජිත් පිලේ’ ඇතැම් අය මේ වන විටත්, චම්පිකට එ.ජා.ප. සාමාජිකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටී. කෙසේවෙතත් ඇමති රාජිත මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් පසුවන බවත්, චම්පිකව එ.ජා.ප.යට ‘වද්දා නොගන්නා’ ලෙස රනිල්වාදීන් ව පොලඹවමින් සිටින බවත් දැනගන්නට ලැබේ. එමෙන් ම අකිල, රවී වැනි අය තමන් ජනතාව අමතන හැම රැලියකදීම ‘සජිත් ජනාධිපති වුවත්, අගමැති රනිල්ම විය යුතු බවට’ ප්‍රකාශ කිරීමට ද එකඟතාවක් ඇතිකරගෙන තිබේ. මේ ආකාරයට සජිත් සිය අගමැතිවරයා තෝරාපත්කරගැනීමට ‘පුද්ගලයින් තෝරමින්’ සිටින නමුත්, ඇතැම් ඇමතිවරුන් මේ වන විටත් සිය අමාත්‍ය නිල කාර්යාලවල තිබෙන ‘බඩු පොදිබඳිමින්’ සිටී.
 

More News..