brand logo

අගමැති විශේෂ කාරක සභාව හමුවේ පෙනීසිටීමට තීරණය කරයි

16 July 2019

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. විශේෂ කාරක සභාවෙන් කැදවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන අතර මහ බැංකු බැදුම්කර ගණුදෙනු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය. ඉදිරියේදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය දැනුම් දෙනු ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.
 

More News..