brand logo

අගමැති රනිල් එජාපයෙන් නෙරපා දැමිය යුතුයි - විජේදාස

26 September 2019

අගමැති කම දරන රනිල් වික්‍රමසිංහ මහතාද එජපෙයෙන් නෙරපා දැමිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය දැරූ ආණ්ඩුවක ඇමතිකමක් බාරගැනීම පක්ෂයෙන් නෙරපීමට තරම් වරදක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවකත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දැරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු ඇතුළු මන්ත‍්‍රීවරුන් පස් දෙනකු එජාපයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටි අතර මෙම නෙරපීම සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු ලිපියක් ලැබී නැති බවද මන්ත්‍රීවරයා සනහන් කරයි.
 

More News..