brand logo

අගමැති මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් හමුවෙයි

21 May 2021

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. අද (21) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මහ බැංකුවේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්නැයිද අගමැතිවරයා එම ප්‍රධානීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරු වන ටී.එම්.ජේ.වයි.ටී. ප්‍රනාන්දු, කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, මහ බැංකු ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
 

More News..