brand logo

අගමැති මහින්ද හෙට ඉන්දියාවට

06 February 2020

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 7 වනදා සිට 11 වනදා දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා සහභාගි වීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන පළමු විදේශ සංචාරය ද මෙය වේ. මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍යවරය, ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයිශංකර් සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම සාකච්ඡුා ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම සාකච්ඡාවේදී දේශපාලනය, වෙළඳ, සංවර්ධනය, ආරක්ෂක, සංස්කෘතිය සහ සංචාරක ඇතුළු ක්ෂේත‍්‍ර පිළිබඳව ද අවධානය යොමු කෙරෙනු ඇත. පසුගිය වසරේ නොවැම්බරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය සංචාරයේදී අග‍්‍රාමාත්‍ය මෝදි විසින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ණය මුදලක් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරන බවට ප‍්‍රකාශ කළේය. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතාගේ සංචාරයේදී මේ සම්බන්ධයෙන් වූ ඉදිරි වැඩපිළවෙළ පිළිබදව අවසන් තීරණයකට එළෙඹීමට අපේක්ෂිතය. එයට අමතරව වෘත්තීය පුහුණු සහ රජ්‍ය සේවා යන ක්ෂේත‍්‍රවල පුහුණු අවස්ථා සදහා ඉන්දීය සහය ලබා ගැනීම පිළිබදව ද සාකච්ඡුා කිරිමට නියමිතය. උප කාලාපීය සමූද්‍ර ආරක්ෂක සහයෝගීතව ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවත්වීමට නියමිත අතර අරක්ෂක සහ නාවික ආරක්ෂව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයෙහි ”සාංචි බෞද්ධ සංකීර්ණය” ඇතුළු ඉන්දියාවේ පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වෙත ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරෙනු ඇත. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ දී වාරානාසි, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් ද වැදපුදා ගැනීමට නියමිතය.
 

More News..