brand logo

අගමැති මහින්ද දළදා සමිදුන් වැද පුදා ගනී

06 January 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ආගමික වතාවත්හි නිරතව නව වසර සදහා ආශිර්වාද ලබා ගත් අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදීද ආගමික වතාවත්හි නිරත වූ අතර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරාධිපති පුජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. කමල් සුරවීර මහනුවර
 

More News..