brand logo

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගනී

09 February 2020

ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වරනාසී සහ සාරානාත් ප්‍රදේශවලසිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් නියමිත බවයි. ඊයේ (08) දිනයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමුනියම් ජයශංකර් මහතා සමඟත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමඟත් සාකච්ඡා පැවැත්විය. එහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව අතර පවතින දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ආරක්ෂක, සංස්කෘතික, දේශපාලනික, සංචාරක ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳවත් අවධානය යොමු කෙරුණි.
 

More News..