brand logo

අගමැති කාෂි විශ්වනාත් පුදබිම වැඳපුදා ගනී

09 February 2020

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි වාරානාසි නගරයට ළඟා වූ අතර, ලාල් බහදූර් ශාස්ත්‍රි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී එතුමා පිළිගැනීම සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබුණි. වාරානාසි වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා කාෂි විශ්වනාත් සිද්ධස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. පූජනීය ගංගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම දේවස්ථානය ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන හින්දු දේවස්ථානවලින් වඩාත් ප්‍රචලිත දේවස්ථානයක් වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සවස සාරානාත් හි සංචාරය කිරීමට නියමිතයි.
 

More News..