brand logo

අගමැති කථානායකගෙන් ඉල්ලීමක් කරයි

23 May 2019

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සදහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව සොයා බැලීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ (22) පත් කරනු ලැබීය. ඊට සාමාජිකයන් 40දෙනෙකුගෙන් සමන්විතය.
 

More News..