brand logo

අගමැති ඇතුළු සිව්දෙනෙක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

22 June 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර තිබේ. කාරක සභාව විසින් ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ නම් ඇතුලත් වේ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැත. අග්‍රාමාත්‍යවරයාට අමතර වත්මන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නයක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
 

More News..