brand logo

අගමැතිතුමාට ප්‍රසිද්ධියේ 'හාදයා' කියන ලොව එකම ජනාධිපති සිරිසේන වෙන්න ඇති

02 July 2019

‘‘ඊයේ ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට කියපු දේවල් ඇහුණනෙ... එතුමාට හිතෙන හිතෙන දේවල් කරන්න ගියොත් රටම අවුල් වෙනවා... අපේ අයත් එතුමා එක්ක ඩීල් දානවා මිසක් මේවට උත්තර බඳින්නෙත් නෑ... මිනිස්සු බනින්නෙ අපිට...’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ රැස්වීම ආරම්භයේ දී ම ය. ‘‘ජනාධිපතිතුමා හිතෙන හිතෙන දේ කියන්න පුළුවන් නම් කියාපුදෙන්... ඕවට උත්තර බැඳලා කලබල වෙන්න ඕන නෑ... ජනතාවට මේ හැමදෙයක් ගැනම අවබෝධයක් ඇති... අපි ගැටෙන්න යන්න හොඳ නෑ... අපි අපේ වැඩ කරගෙන යමු...’’ අගමැතිවරයා කීවේය. ‘‘19 වැනි සංශෝධනය ගේන්න අච්චර කැපවෙලා ඒක වර්ණනා කරපු එතුමා දැන් ඒකට විරුද්ධව කතාකරන එකෙන් හෑල්ලු වෙන්නෙ එතුමාමයි...’’ නවීන් දිසානායක කීවේ ය. ‘‘දයාසිරි ජයසේකරත් ජනාධිපතිතුමා පොහොට්ටු අපේක්ෂකයාය කියන්න ගිහින් ඇදගෙන නානවා... ජනාධිපතිතුමා දයාසිරි පරද්දන්න හදනවද දන්නෙත් නෑ කියලා සමහරු කියනවා...’’ චමින්ද විජේසිරි කීවේ ය. ‘‘රටේ අගමැතිතුමාට ප්‍රසිද්ධියේ ‘හාදයා’ කියන ජනාධිපති කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති... එතුමා එන්න එන්නම අනවශ්‍ය දේවල් කියනවා... ඒක රටේ ගෞරවයටත් හොඳ නෑ...’’ හේෂා විතානගේ කීවේය. ‘‘ඔය හාදයම තමයි ලක්ෂ 62ක් ඡන්ද අරං දීලා එතුමාව ජනාධිපති කළේ... ඒක රටේ ජනතාවට නම් තාම මතකයි...’’
 

More News..