brand logo

අගමැතිට සහ ඇමති මණ්ඩලයට නොතීසි

03 December 2018

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුක ඇමති මණ්ඩලයට දෙසැම්බර් 12වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වෙනවා.
 

More News..