brand logo

අගමැතිගේ කතාවට මාතලේදී හූ කියති

21 October 2019

මාතලේ නව ලග්ගලදී පෙරේදා (19 වැනිදා) පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීම ගැන විරෝධය පාමින් එක්සත් ජාතික පාක්ෂිකයකු ඉතා කලහකාරී ලෙස හැසිරිනි. මහ බැංකු හොරු මෙම ස්ථානයට නොකැඳවන්නයි කියමින් ඔහු ඉතා කලහකාරී ලෙස හැසුරුණු අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය එය සමථයකට පත්කළ අතර ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා රැලියට සහභාගි විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැලිය අමතන අවස්ථාවේදී එහි සිටි පිරිසක් හූ කියමින් කතාවට බාධා කළේය.  
 

More News..