brand logo

අගමැතිගේ ඉන්දීය සංචාරයේදී ධීවර ගැටලුවට විසඳුම්

02 February 2020

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේදී ධීවර ගැටලුවට විසඳුමක් ලබාදීමට දෙරටම තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි. අග්‍රාමාත්‍යවරයා ලබන 08 වනදා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය. මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පවත්වන සාකච්ඡාවේදී ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුවලට විසඳුමක් ලබා දීම පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට නියමිතය. මුහුුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික ධීවරයන්ද වාර්ෂිකව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වෙති. මෙය දෙරටටම ගැටලුවක් වී තිබේ. මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද සහ ආරුමුගම් තොණ්ඩමන්ද එක්වීමට නියමිතය. උදයජීව ඒකනායක
 

More News..